Monday, March 4, 2013

ලංකාවේ විද්‍යුත් මාධ්‍ය මේ කොයි යන්නේ..........


ගිය සතියේ මෛත්‍රීපාල සිරිසේනට මාධ්‍ය ගැන මළ පැන්නේය.
. 'හිරු' රූපවාහිනිය හා ගුවන් විදුලිය මෙතරම් මා සමඟ වෛරයක් තිබෙන්නේ ඇයි? කොළොන්නාවේ භාරත ලක්ෂ්මන් සිද්ධියෙන් පස්සෙ තමයි එය පටන් ගත්තෙ. මා ඒ සිද්ධියේදී කිසිම පැත්තක් ගත්තෙ නැහැ. පැත්තක් ගන්නත් බැහැ. දුමින්ද සිල්වා මන්ත්‍රිවරයෙක්. භාරත ලක්ෂ්මන් ජනාධිපති උපදේශකවරයෙක්. ඒ නිසා මම පැත්තක් ගත්තෙ නැහැ. "ඇයි උඹ අපේ පැත්තෙ නොගත්තේ?" කියා වෙන්න ඇති 'හිරු' මේ විදියට මට පහර ගහන්නෙ. මේ සිද්ධිය ගැන පමණක් නොව, වෙනත් සිදුවීම් ගැනත් එහෙම කරනවා."
" 'රිවිර'වගේ පත්තරයක් මේ විදියට හැසිරෙන්නේ ඇයි? රිවිර කියන්නේ ආණ්ඩුවේ පත්තරයක්. කවුද නෑ කියන්නේ? 'ලේක් හවුස්' කියන්නේ රජයේ ආයතනයක් නම් 'රිවිර' ඊටත් වඩා නිදහස්ව ආණ්ඩුවේ."
ඉන් අනතුරුව මෛත්‍රිපාල 'දිවයින' ගැන කියා සිටියේ මෙවැන්නකි.
" 'දිවයින' පත්තරයේ පළවූ ප්‍රවෘත්තියේ තිබුණේ මොකක්ද? මීළඟ අගමැතිගේ පුතා කියා මගේ පුතා ඩී.අයි.ජී. මහත්තයාගේ පුතාට පහර දුන් බවයි. මගේ පුතා නොකියපු ඉතාමත් අසත්‍ය කතාවක්..
"මගේ ආවේගශීලීභාවය සමඟ කළ ප්‍රකාශයක් පිළිබඳව 'මව්බිම' පුවත්පතේ පළවී තිබෙනවා."

මේ ලියුම්කරුට පහුගිය දවසක මාතර ටවුමේදින් හමුවුන රුහුණු ගුවන් විදුලියේ සේවය කරන අයෙකු පැවසුවේ,
"හඩ්සන්ගේ ෂරීයා නීතීයට ප්‍රාදේශිය ගුවන් විදුලි සේවා වල හිස ගසා දැම්මා" කියාය.
දැඩි කළකිරීමකින් කථා කළ මේ පුද්ගලයා ගමේ අයට ගමේ ගුවන් විදුලිය අහිමි කිරීම ගැනත් විශාල අසන්නන් පිරිසක් රැදී සිටි උදෑසන කාලයේ වැඩසටහන් හඩ්සන්ගේ වැඩසටහන සමග ඒකාබද්ධ කිරීම නිසා අසන්නන් ඉවත්ව යෑමත් ප්‍රදේශය පුරා අතිශය ජනප්‍රිය රුහුණු ගුවන් විදුලියේ ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරය ද දැන් කිසිවකුවත් නොඅසන බව සදහන් කළේ තරමක් ආවේගශිලීව ය.

 ලංකාවේ ජනමාධ්‍ය ආයතන කීපයක හැසීරීම් රටාව පිළිබද කරන විග්‍රහයක් මෙම ලිපියේ අන්තර්ගතවේ.

2005 වසරේදි මහින්ද රාජපක්ෂ ජනාධිපති වන විට මෙරට තිබූ පෞද්ගලික මාධ්‍ය ආයතනවල අයිතිය තිබුනේ යූ එන් පී එකට හිතවත් මුදලාලිලාටය.බලයට පත් වූ විගස ආණ්ඩුව තමන්ට හිතවත් කීප දෙනෙකුට රේඩියෝ ටීවී පෝමිට් දුන්නද?ඒවා ෆේල් විය.අනෙකුත් මාධ්‍ය ආයතන වල උපරිමය උපාධි මට්ටම නම් අලුතින් ආ සියත,මැක්ස්,වී,ලක්,සත් ,යූත් රේඩියෝ(සිංහ ) දෙකේ පංතිය පාස් කරගන්න බැරිවී ෆේල් වී වී එක තැන සිටී.
අලුත් මුදලාලිලාට මාධ්‍ය කරන්නට බැරිබව දැනගත් ආණ්ඩුව ප්‍රබල පෞද්ගලික මාධ්‍ය තමන් දෙසට හොදින් මෙන්ම  නරකින් ද හරවා ගත්තේය.ආපිකෝ කාරයාගේ රිවිර පත්තරය සල්ලි දීලා ගත්තේය.ලක් එෆ් එම් එක ලක්ෂ්මන් වසන්ත පෙරේරාගේය.මිනිහා රත්තොට සන්ධාන සංවිධායකවරයාය.පහුගිය දවසක තේනුක විදානගමගේ මන්ත්‍රීවරයාගේ අත කඩා දැමුවේ මේ එෆ් එම් ලොක්කාය.
ජනතා විමුක්ති පෙරමුණේ ජපන් නියෝජිත සමන් ප්‍රියංකරගේ වී එෆ් එම් එක දැන් ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේය.
කිරිබත්ගොඩ "ලක්ෂ්මී ෆුඩ් සෙන්ටර්" නමින් ඉදිආප්ප කඩයක් දමාගෙන සිටි අයෙකුට මාධ්‍ය ආයතනයක ලොකු පුටුවක් ලැබුනු අතර පසුව ඔවුන් එහි හිමිකාරිත්වය ලබා ගත්තේය.ඒ "හිරු"ය.මිනිහා ඉස්සර රවී කරුණානායකට මඩ ගැසුවේය.හෙක්ටර් බෙත්මගේ ටත් ගැසුවේය.දැන් තිලංග සුමතිපාල ත් එක්ක හැප්පෙති.මේ මාධ්‍ය ආයතනයේ උදෑසන පැයක් හමාරක් විතර කියවාගෙන යන පත්තරේ විස්තරේ හෑල්ලට ලක්බිම ,ලක්බිම නිව්ස් ආදී සුමති පත්තර තහනම්ය.
අපි බලාගෙන ඉමු ඊළග සුමති ටෙලි සම්මාන උළෙලෙදින් මේ ටී වී එකට සම්මාන කීයක් හම්බුවෙයිද?කියලා.

1 comment: